Thursday, 11 June 2015

පෙම් කරන්න නම් තහනම්.


කළුවරට ඇස් ඇතැයි මට බයයි
ලං ලංව මුමුනන්න බැහැ තමයි
හිත කැමති ඒ පහස බව සැබැයි
තව ලංවෙන්න , පැනයන්න හිත නොදෙයි.
මේ රාත්‍රිය මනරම්ය උනුහුමින්
අපි වෙළෙමු තව තවත් ආදරෙන්
සඳ හිනැහෙන්න නම් එපා පායාවිත්
තරු ඇස් ද නිවීයන් නොදැල්වී
තරු එළියකින් වුව සැඟව මුවාවී
හිරු නොපායන සයනයක සැතපෙමින්
මේ ගත වෙලෙන සුවය රඟ පෑමකයි
තුරුලුව අසන විට හද ගැහෙන හඬ කියයි
ඝන අඳුරු රැයක වුව ඔබේ සිත
මට හැකිය සරන්නට විනිවිදව
තැන තැනට රිංගලා සෙනෙහස බෙදන
සලාකය වුව විඳිමි වහවැටී
නැගිට යෑමට නම් සිත් නොදේ.......

Monday, 8 June 2015

ගිහි දුක ...

වැලපෙනා නොදැන උණුසුම
වෑ හෙනා කඳුළු දෑසට
ඔබ කොහෙද කියන් මා දමා
ගියේ දුර ඈතට.

නිදි නැති රැයේ
සැප සයන කුමට මා හට
ඔබ ඈ තුරුලේ සැප සොයන අරුමය
කියන්න මට මා තුල ඇති ඔය හැටි වරද

සිත දුක් අඳුරේ
ගිනිගෙන දැවෙන ගිහිගෙය
ඔබ ඈ තුරුලේ වැතිර දකින සිහිනය
කියන්න මට ඒ සිහිනය සදාකල්හිද

Saturday, 6 June 2015

විද්‍යා







විද්‍යා දුවේ,
නුඹගේ වියෝවෙන්
හඬමින්, තැවෙමින් ,හඬ නඟමින්
සාධාරණය ඉල්ලද්දී
උතුරේ අම්මලා .........
නතාෂා දුවගේ
මිලියනයක් වටිනා
සාරියේ
ගල් ගනිනවා
දකුණේ අම්මලා .........

2015-05-25දා


පතොක් මල

කටු ඇති
නටු අග පිපි
පතොක් මලක් වෙමි.

බැඳීම්

බැඳීම් වල
වේදනාව දරුණුයි
එය ලිහා දැමීමට
උත්සහ කරමි.

දඩුවම

අතීතයේ  සෙවනැලි බොහෝ  දිගුයැයි 
සිතුවෙ  නැහැ  මානම් 
යව්වනේ  ඔබේ පෙමට  පිටු පෑ
වරදටද දඩුවම්

අතීත පෙම් පාරාදීසයේ සුපෙම් පත්
විසිරිලා සැඩ සුළගින්
නොදැනමයි  ගැයුවේ මිරිගු පෙම් කව
ඔහු දමා ගිය සොවින්

මව්පියන්ගේ බහට අවනත වූ නිසාමයි
දෑගිලි බැදුනේ නුබ සමගින්
දන්නේ නැහැ සත්තයි එදා නුබ මට
පෙම් කෙරූ බව රහසින්

සිතේ නැත දැන් ඔහු කෙරේ බැදී
සෙනෙහසේ ලියකම්
සමාවී හිමියනි නොදෙනු මැන මට
වයිරයෙන් දඩුවම්

Friday, 5 June 2015

ඔබ හිරුමයි

ඔබ හිරුමයි
ජීවිත අහසේ පායන
කිසිවිටෙකත් බැස නොමයන
මා සඳමයි
ගිනියම් වී දුක් උහුලන
හිරු එලියේ නොපෙනෙන
ලොව කිසිවෙකුවත් නොදකින

ඔබ මහ සයුරයි
සිතිජය තෙක් දුර විහිදුන
දිය ගැබ කිසිදා නොසිදෙන
මා එහි දිය රැල්ලයි
වෙරලේ වැදි වැදි වැලපෙන
නැවතත් සයුරට එක්වෙන


ඔබ ඝන අදුරයි
කිසිදා එලියක් නොපෙනුන
අදුරම දී බිය ගන්වන
මා සෙවනැල්ලයි
අදුරේ නොපෙනී මුලු ගැන්වුන
සදා ඔබ ගත දැවටෙන

video