Thursday 11 June 2015

පෙම් කරන්න නම් තහනම්.


කළුවරට ඇස් ඇතැයි මට බයයි
ලං ලංව මුමුනන්න බැහැ තමයි
හිත කැමති ඒ පහස බව සැබැයි
තව ලංවෙන්න , පැනයන්න හිත නොදෙයි.
මේ රාත්‍රිය මනරම්ය උනුහුමින්
අපි වෙළෙමු තව තවත් ආදරෙන්
සඳ හිනැහෙන්න නම් එපා පායාවිත්
තරු ඇස් ද නිවීයන් නොදැල්වී
තරු එළියකින් වුව සැඟව මුවාවී
හිරු නොපායන සයනයක සැතපෙමින්
මේ ගත වෙලෙන සුවය රඟ පෑමකයි
තුරුලුව අසන විට හද ගැහෙන හඬ කියයි
ඝන අඳුරු රැයක වුව ඔබේ සිත
මට හැකිය සරන්නට විනිවිදව
තැන තැනට රිංගලා සෙනෙහස බෙදන
සලාකය වුව විඳිමි වහවැටී
නැගිට යෑමට නම් සිත් නොදේ.......

22 comments:

  1. බ්ලොගර් ෆලෝවරය දාමුකෝ නෝනේ

    ReplyDelete
  2. ගොඩාක් බිසී නිසා අද තමයි ගොඩ උනේ හරි ප්‍රොෆයිල් එකෙන්...අටමා කියන ෆලෝවර් ගැජට් එක දා ගන්න සවී ට කියලා...

    ReplyDelete
  3. අටමා කියපු පාරෙ ආවෙ.ෆලෝ කරන කෑල්ල එල්ල ගන්න නෝනා.

    ReplyDelete
  4. මිස්ටර් අටම්පහුර, ඔයා මාරයි නේ අනේ.. ඔයත් මාර කස්ටිය තමයි අඳුන්වල දෙන්නේ හිටං.. ඕඅන් එහෙනම් අපිත් ආවා.. නෝනේ.. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  5. මිස්ටර් අටම්පහුර, ඔයා මාරයි නේ අනේ.. ඔයත් මාර කස්ටිය තමයි අඳුන්වල දෙන්නේ හිටං.. ඕඅන් එහෙනම් අපිත් ආවා.. නෝනේ.. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  6. ඕං අපිත් ආව. ආයත් එඥ්ඥං කො. ලියමු ලියමු

    ReplyDelete
  7. ඕං අපිත් ආව. ආයත් එඥ්ඥං කො. ලියමු ලියමු

    ReplyDelete
  8. මමද මන්ද මුලින් ෆලෝ කලේ, අටමට බයේ..

    ReplyDelete
  9. මාත් ආවෝ.......

    ReplyDelete
  10. හැමෝටම ස්තුතියි ඇවිත් මොනවහරි ලියලා ගියාට. ඔයාලට වගේ ලියන්න මට බැහැ . ඒ වුනාට ලියන කවි කියල හිතෙන ඒවා පලකරන්නම්.

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් හැමෝගෙම කමෙන්ට් වලට වෙන වෙනම රිප්ලයි කරන්න. එහෙම සංවාදයක් තිබුනාම ඔයාගේ නිර්මාන අගයන අයට දිරියක් වෙනවා ආයෙත් ඇවිත් රස විඳින්න....අනික් බ්ලොග් වලට ගිහින් බලන්න එතකොට තේරේවි.
      මම නම් කොහොමහරි හැම කමෙන්ට් එකටම මගේ අදහස ප්‍රකාශ කරනවා යුතුකමක් හැටියට...

      Delete
    2. ආ තව එකක්..ඔය පල්ලෙහා තියෙන කමෙනට් බොක්ස් එකේ තියෙන නෝටිෆයි මී (Notify me) කියන බට්න් එක ක්ලික් කරලා තියන්න එතකොට කමෙන්ට්ස් ඔයාගේ ඊමේල් එකට එනවා..උත්තර දෙන්න ලේසිවෙනවා පරක්කු නොවී....

      Delete
    3. හරි බලන්නම්. ඔයා දන්නවනේ මගේ computer දැනුම. ඔහොම යන් . ඔයාට ස්තුතියි. දිරි ගැන්නුවා ට .උත්සහ කරන්නම්.

      Delete
  11. Popular Posts All time ගැජට් එක දකුනු පැත්තට එකතු කරන්න ,

    ReplyDelete
    Replies
    1. අලුත්නේ. දැන් තමයි ගැජට් එක add කලේ . ස්තුතියි.

      Delete
  12. sadarayen piligannawa nubawa.......jaya wewa

    ReplyDelete
  13. අටං අයියගෙ පාර දිගේ ආවෙ..
    පද පෙල කියවනකොට අමුතු තාලයක් හිතේ ඉබේ ඇති උනා... ගීතයක් වගේ..
    ජයවේවා..!!!

    ReplyDelete
  14. අටම තම එව්වේ. ලස්සන කවිය. නෙලුම් යාය ට හා www.blogpower.info ekata athulath kala.

    ReplyDelete
  15. මැසින් අටං තමයි ටුවර් ගයිඩ්....
    පට්ට පට්ට...දිගටම ලියමු...

    ReplyDelete
  16. ජයවේවා දිගට ම ලියමු....................

    ReplyDelete