ඔබ
හිරුමයි
ජීවිත
අහසේ පායන
කිසිවිටෙකත්
බැස නොමයන
මා
සඳමයි
ගිනියම්
වී දුක් උහුලන
ඒ
හිරු එලියේ නොපෙනෙන
ලොව
කිසිවෙකුවත් නොදකින
ඔබ
මහ සයුරයි
සිතිජය
තෙක් දුර විහිදුන
දිය
ගැබ කිසිදා නොසිදෙන
මා
එහි දිය රැල්ලයි
වෙරලේ
වැදි වැදි වැලපෙන
නැවතත්
සයුරට එක්වෙන
ඔබ
ඝන අදුරයි
කිසිදා
එලියක් නොපෙනුන
අදුරම
දී බිය ගන්වන
මා
සෙවනැල්ලයි
අදුරේ
නොපෙනී මුලු ගැන්වුන
සදා
ඔබ ගත දැවටෙන
No comments:
Post a Comment